Colombo Today Local News

දඹුල්ල නැවතත් ගිනියම් වේ.. පොලිස් ආරක්ෂාව තර කරයි !!

මීට දින කිහිපයකට පෙර දෙපිරිසක් අතර ඇතිවුණු සිද්ධියක් මුල් කරගනිමින් දඹුල්ල නගරයේ උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.

මේ වන විට විශාල පිරිසක් නගර මධ්‍යයට රැස්ව සිටින අතර පොලිස් ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය 08 වැනිදා දඹුල්ල නගරයේ ‘මයි බර්ගර්‘නම් මුස්ලිම් ජාතික හෝටලයකට ආහාර ගැනීමට ගිය තරුණියකට එහිදී යම් හිරිහැරයක් සිදුකර තිබෙන අතර, එයට විරෝධය දැක්වූ එම තරුණිය සමග පැමිණි තරුණයාට හෝටලයේ මුස්ලිම් පිරිස විසින් පහර දී ඇත.

පසුව එම ස්ථානයට පැමිණි තරුණයන් පිරිසක් හෝටලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, නගරයේ පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.

මීට ටික කලකලට පෙරද දඹුල්ල නගරයේ මුස්ලිම් රෙදිපිළි ආයතනයක් තුළ තරුණියකට සිදුකළ අතවරයක් හේතුවෙන් කළහකාරී තත්ත්වක් ඇති විය.

Related posts

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

colombotoday

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

colombotoday

ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කරන යෝජනාව අද කැබිනට්ටුවට.. රතන හිමි පාරට බහින්න සූදානම්

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday

ප්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

Admin