Colombo Today Local News

විජිත රෝහණ ඇපමත නිදහස්

මහජනයා නොමග යවන අයුරින් අසත්‍ය ප්‍රකාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යොතිර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණිසංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

රුපියල් 1,000,000 බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 10,000 මුදල් ඇපයක් සැකකරුට නියම විය.

රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් රෝහණ මහතා ඊයේ (20) රාත්‍රී මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඇප නියම වුවත් ඇප කොන්දේසි සපිරීමට අවස්ථාවක් නොවූයෙන් ඔහු බන්ධනාගාර ගත කැරිණි.

සැකකරු අද ඇප තැන්පත් කළේය.

Related posts

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

සියලු රජයේ පාසල් හෙට සිට නැවත ඇරඹේ

colombotoday

1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර වුණා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – සංගරිගේ පුතා කැනඩා රජය උසී ගන්වයි

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday