Colombo Today Local News

නව ව්‍යවස්ථාව ගැන අස්ගිරි මහා නාහිමි ජනපති සමග සාකච්ඡාවක් !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය තුළ ඇති අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් පවසයි.

ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව ද උන්වහන්සේ කියයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන් පිරිසක් අස්ගිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ මහලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ලේකම් නිහාල් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

(PHOTOS) වස විස නැති රටක්…

colombotoday

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ වීමේ හේතු මෙන්න

colombotoday

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

colombotoday

පෞද්ගලික දේවල් අදාල නෑ.. ජනපතිගේ සමනල් ප්‍රකාශයට හිටපු අගමැතිගෙන් පිළිතුරු

colombotoday