Colombo Today Local News

යුද්ධය කළ බුද්ධි අංශ නිලධාරීන් දැන් නාකියි.. ඔවුන් ගෙදර යවා අපි නවීන හමුදාවක් හදනවා !

Ranil wickramasingheයුද්ධය සමග සටන් කල නිළධාරීන් සියළු දෙනා හොදින්ම දන්නා බවත්, ඒ අයගේ සේවය අගය කරන නමුත් සේවය දීර්ඝ කරන්නට යෑමෙත් තවත් වසර 10කින් පසුව ඉතිරිවන්නේ නාකි සොල්දාදුවන්ගේ හමුදාවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා එසේ පැවසීය.

අපට අවශ්‍ය වන්නේ නවීන සන්නද්ධ හමුදා බිහි කිරීමට යි පැවසූ අග්‍රාමත්‍යවරයා යුද්ධ කරන කාල සීමාවේදී හොද ගුවන් යානා ලබා දෙනවා වෙනුවට යකඩ කෑලි වගයක් ලබා දුන් බවත්, ප්‍රථම වතාවට මේ රජය ඕනෑම සටනක යෙදීමට හැකි යානා මිලදී ගැනීමට තීරණය කර ඇති බවද පැවසීය. අද අපේ යුධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාම වැඩසටහන් සදහා , සහභාගි වන බවත් ඉස්සර අප එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිට සත්‍යග්‍රහ කල බවද ඔහු කියා සිටියා.

බුද්ධි අංශයට පත් කල යුත්තේ දක්ෂ නිළධාරියෙකු බවත්, යුද්ධයේදී සටන් කල නිළධාරීන් ජගත් ඩයස් ඇතුළු පිරිසට අප අදටත් ගරු කරන බවයි ඔහු අවධාරණය කළේය.

යුධ හමුදා බුද්ධි අංශයේ සිටී ත්‍රස්ත මර්දනය පිළිබද මනා දැනුමක් ඇති බ්‍රිගේඩියර් සලේ , යුද්ධය ජයග්‍රහණය කල සේනා ප්‍රධානින් ජගත් ඩයස් , කමල් ගුණරත්න, නන්දන උඩවත්ත, ප්‍රසන්න සිල්වා යන පිරිසට මේ රට වෙනුවෙන් සේවය කිරීමට තවදුරටත් අවස්ථාව ලබා දෙනවා වෙනුවට, ජිනීවා න්‍යාය පත්‍රය අනුව ඔවුන් සියළු දෙනාට විශ්‍රාම යන්නට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ.

Related posts

කොළඹදී ගහනවා නම් ගම්වලදී කරන්න අරගලයට දේශපාලකයන් බයයි – සරත් ෆොන්සේකා

Admin

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday