Colombo Today Local News

හිටපු STF ප්‍රධානියා රිමාන්ඩ්.. චෝදනාව, වාහන අවභාවිතා

stf-klmරජයේ වාහනයක්‌ අවභාවිත කොට රජයට රුපියල් එක්‌ ලක්‍ෂ 46 දහසක අලාභයක්‌ සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23 දා) නියෝග කළේය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙකු ලෙස 2011 මාර්තු මස විශ්‍රාම ගිය සරත්චන්ද්‍ර මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පත්කර ඇති බවත් එම තනතුර 2015 ජනවාරි මස වර්තමාන රජය පත්වීමෙන් පසුව අහෝසි කර ඇති බවත් විමර්ශන සිදුකළ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලබාදී තිබූ නිල වාහනය හා රියෑදුරු සැකකරු විසින් 2015-01-21 වැනිදා සිට 2015-08-21 දක්‌වා කාලය අතරතුරදී නිල නොවන අයුරින් තම පෞද්ගලික සේවයට යොදවා ගැනීම මගින් එකී අලාභය සිදුකොට පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව පෙන්වා දෙමින් පොලිස්‌ විශේෂ විමර්ශන අංශය කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් එම නියෝගය කළේය.

Related posts

විද්‍යුත් මාධ්‍යයට ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

colombotoday

පෞද්ගලික රෝහලකදී හමුවූ අත්බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් ජීව උණ්ඩ 18ක් සමග හසුවේ

colombotoday

“දුම්රිය ගාස්තු ත් ඉහළ දමනවා “- ඇමති කියයි

colombotoday

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

colombotoday

චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරයට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි බලන්න – ජී එල්ට බොදු බලෙන් පිළිතුරු

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday