ඩොනල්ඩ් ට්‍රම්ප්ට අකමැති යමෙක් සිටිනවනානම් ඇමරිකාව අතහැර ඔවුන්ට වෙනත් රටවලට යා හැකි බව එරට ෆෙඩරල් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා.
මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ විනිසුරු ජෝන් ප්‍රයිමෝමන් නමැති, නව පුරවැසියන් ඇමරිකාවට පිළිගැනීමේ වැඩසටහන 1089 පටන් මෙහෙයවන විනිසුරුවරයෙකි. ඔහු විසින් මේ වන විට නව පුරවැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් දිවුරුම් වැඩසටහන මෙහෙයවා තිබේ. ”ඔහු තමයි ඔබලාගේ අලුත් ජනාධිපතිවරයා. ඔහුට කැමති නැතිනම් ඔබලාට වෙනත් රටකට යන්න සිද්ධ වෙනවා” යැයි ඔහු එහිදී කියා තිබේ.
ඊට අමතරව ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාව තුළ ක්‍රියාත්මක වන විරෝධතා ද ඔහු විසින් විවේචනය කර තිබේ. ඇමරිකානුවන් වශයෙන් අලුත් පුරවැසියන් එක්සත් වීමේ වටිනාකම තම ප්‍රකාශයෙන් අදහස් කළ බව ඔහු කියා තිබේ.