Colombo Today Local News

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

hyt555අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික සංවිධාන කිහිපයක් එකමුතුව “ශාසනාරක්ෂක සභාව“ නමින් ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී පැවැත්වූ අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා පෙරටුකරගත් පිරිස මල්වතු මහා විහාරය වෙත බලා ගමන් අරඹා ඇත.

බුද්ධ ශාසනයේ සහ සිංහල බෞද්ධ ජනතාවගේ සහ මාතෘභූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන්   වහා ඉටුකළ යුතු ඉල්ලීම් කිහිපයක් මල්වතු මහානාහිමියන්ට ඉදිරිපත් කිරීමට ශාසනාරක්ෂක සභාව සූදානමින් සිටින අතර, එම ඉල්ලීම් ඉටු කරන ලෙස ජනාධිපතිවරයාට සහ රජයට බලකරමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ එකගත්වයෙන් යුතු “සංඝ ආඥාවක්“ නිකුත් කරන ලෙස ඉල්ලා සිටීමටද ඔවුන් සූදානම් වනවා.

එම ඉල්ලීම ඉටුකරන තුරු මල්වතු මහා විහාර පරිශ්‍රයෙන් ඉවත් නොවීමටත්, මහා සත්‍යග්‍රහයක් ඇරඹීමටත් සූදානමිවන බවයි ශාසනාරක්ෂක සභාව පවසන්නේ.

එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/umangabndaraus/videos/1110949329024776/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

“දෙරණ“ ට විශේෂ විමර්ශනයක් ! ජනමාධ්‍ය ලේකම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ලිපියක්

colombotoday