Colombo Today Local News

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

forsaleලබන වර්ෂයේදී (2017) රජයට අයත් ව්‍යාපාර ආයතන ගණනාවක රාජ්‍ය අයිතිය කොටස්‌ වෙළෙඳපොළ හරහා විකුණා දැමීමට මෙවර අය-වැයෙන් මුදල් අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක්‌ ( දළ වශයෙන් රු. කෝටි 15,000ක්‌) පමණ මුදලක්‌ උපයා ගැනීමට රජය ඉලක්‌ක කර ඇත.

එම ආයතනවල රාජ්‍ය අයිතිය විකුණා දැමීම සඳහා එම ආයතන මුලින්ම කොටසක්‌ වෙළෙඳ පොළේ ලියාපදිංචි කිරීමට නියමිතය.

එසේ තෝරාගෙන ඇති ආයතන අතර හයට්‌, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, වෝටර්ස්‌එජ්, හිල්ටන් හෝටලය, හම්බන්තොට සෝල්ට්‌ සහ මන්තායි සෝල්ට්‌ යන ආයතන තිබේ.

මෙම රාජ්‍ය අයිතිය විකිණීමෙන් ලබා ගන්නා මුදල් යොදාගෙන ඉහළ පොළී සහිත ණය මුදල් පියවීමට යොදා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

මේ ආයතනවලට අමතරව තවත් ආයතනවලද රාජ්‍ය අයිතිය කොටස්‌ වෙළෙඳ පොළ හරහා විකුණා දැමීමට නියමිත අතර ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.

අය-වැය මෙසේ සඳහන් වුවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය කාලයේ වරක්‌ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

එසේ වූවත් එම යෝජනාව මෙවර අය-වැයට ඇතුළත්ව තිබේ.

මේ අතර පාඩු ලබන ආයතනයක්‌ වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සහ මිහින් ලංකා ආයතනය පුද්ගලික අංශයත් සමඟ සම්බන්ධ වී නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට නියමිත අතර මිහින් ලංකා සමාගමේ කටයුතු දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒකාබද්ධ කරනු ලැබ ඇත.

Related posts

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

colombotoday

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

වගා හානි වලට දෙන්න පුලුවන් උපරිම ගාන 40000යි

Admin

නව අගමැතිවරයා ලෙස රනිල් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දීමේ සූදානමක්…

colombotoday

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට

colombotoday

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

colombotoday