Colombo Today Local News

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

cope-unpමහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණයි.

එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව නිවැරදි නොවන බව එහි සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊට විරෝධය පළ කළා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාට මෙම වාර්තාව පිළිගත නොහැකි බවයි.

එසේ ප්‍රකාශ කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපති පුටුවෙන් නැගිට ගියා. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කරගෙන සකස් කර ඇති වාර්තාව තමාට, පසුව භාර දෙන ලෙසයි.

කෙසේ වෙතත් අද පැවති මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රංජන් රාමනායක හා රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.

මේ අතර ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම පාර්ශ්ව කිහිපයක් සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුවෙන් වාර්තා දෙකක් එළිදැක්වීමේ සූදානමක් ඇති බවයි.

Related posts

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ සේවාව “බොදු බල සේනා දිවිසරණ” දැන් ක්‍රියාත්මකයි

colombotoday

“මිහිමවට යුතුකමක්” තේමාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල සිටුවීමේ තරුණ සංග්‍රාමය ඇරඹෙයි

colombotoday

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

HIV පැතිරීමේ බරපතළ අවදානමක්

colombotoday