Colombo Today Local News

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

අන්තර්ජාලයේ දී වගකීම සහිත පුරවැසියෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳ UNICEFSrilanka මඟින් දැනුවත් කිරීමක් සිදුකර ඇත.

මෑත කාලය තුළ අන්තර්ජාල පරිහරණය ඉතා වේගවත්ව පුද්ගලයන් නැඹුරැ වී ඇති අතර ඒ තුළින් සිදුවන ගැටලුකාරී තත්ත්වයන් ද ඊට සමගාමීව උත්සන්න වී ඇත. එවැනි තත්වයක් තුළ වැඩිහිටියන් වශයෙන් අන්තර්ජාල පරිහරණයට යොමුවී ඇති දරැවන් ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඔවුන් අවධාරණය කර සිටියි.

UNICEFSrilanka වෙතින් එළිදක්වා ඇති කරුණු1 0 පහතින්

ඔබගේ දරුවන් වගකීමෙන් online සිටීමේ වගකීම පිළිබඳ ඔවුන් දැන සිටීම ඉතාමත් වැදගත්.

ඔබගේ දරුවා online වලින් ඔවුන්ගේ ගිණුම්වලින් share කරගන්නා දේ පිළිබඳව හා ඒවා පෞද්ගලිකව තබා ගත්තාද පිළිබඳව ඔබ විමසිලිමත්ද? ඒවා හානිකාරී නොවන බවට නිතර නිශ්චිත කරගන්න.

ශ්‍රී ලංකාව තුල දහස් ගණන් බොරු online accounts තිබෙන බව ඔබ දන්නවාද? ඔබගේ දරුවා online කතාබහේ යෙදීම විශ්වාස අය සමග පමණක්ද කියා දැනගන්න.

පරිගණකය ඔබගේ දරුවා රැකබලා ගන්නෙකු නොවෙයි. යහළුවන් සමග ක්‍රීඩා කිරීම තුලින් හා ඔවුන් සමග අන්තර්ජාලය තුල නොවන වෙනත් ක්‍රීඩා කිරීම මඟින් පරිගණකයෙන් විවේකයක් ගැනීමට දරුවා උනන්දු කරවන්න.

ඔබගේ දරුවන්ගේ යහළුවන් ඇතුලුව කිසිම කෙනෙකුට දරුවන්ගේ passwords හා අනෙකුත් පෞද්ගලික තොරතුරු ලබානොදීමට ඔවුනට කියා දෙන්න.

Social Media Accounts තුලින් Privacy settings හා Chat accounts භාවිතය කරන ආකාරය ඉගැන්වීමෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අරක්‍ෂා කර ගැනීම පිළිබඳ දැනුමක් ඇතිවේ මෙය යොවුන් වියේ සිටින දරුවන් Online fraud වලින් ආරක්‍ෂා වීමටත් උපකාරී වේ.

Social Media වලදී දරුවන් කරුණාවන්ත හා ප්‍රසන්න ලෙස යෙදීමට උනන්දු කරවන්න. එසේම අන් අය හානිකර පණිවිඩ මිතුරන්ට යැව්වත් ඔබගේ දරුවාට එසේ කිරීමට ඉඩ නොදෙන්න.

Facebook වල හිංසාකාරී හෝ තර්ජනාත්මක දෑ නිතරම පැමිණිලි කරන්න.

ඔබගේ ළමයා Online වලින් කරන දේ ගැන කතා කිරීමට දවසට වරක් හෝ වෙලාවක් ගන්න.

ඔබගේ දරුවාගේ Social Media Accounts තුළින් සම්බන්ධවීමට උත්සාහ දරන නොහඳුනන්නන් අවහිර කරන ආකාරය පිළිබඳව උගන්වන්න

ආදරණීය දෙමාපියනි, Privacy Settings ගැන ඉගෙන ගන්න ඒ ගැන අවබෝධයක් ලබාගෙන දරුවන්ගේ accounts වල වගකීම හා ආරක්‍ෂාව පිළිබඳව ඔබගේ දරුවාටත් කියා දෙන්න.

Related posts

සහනාධාර ප්‍රමාණවත් නෑ.. ජනතාව මර දුකේ.. මැති ඇමතීන් ෆේස්බුක් රංගනයේ

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

colombotoday

සදාකාලිකවම හිරගෙදරට යාමට හෝ මිය යාමට සූදානම් – නාමල් කුමාර

colombotoday