ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති සමානතා තුලනය කොට මනා නිරික්ෂණයකට එලබීම ශ්‍රී ලාංකික විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තවදුරත් ප්‍රමාද විය යුතු නැති බව මගේ දැඩි විශ්වාසයයි, යන්න ඇමරිකාවේ ප්‍රධාන සoඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල ප්‍රියනන්ද හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
උන්වහන්සේ එම නිවේදනය මගින් තවදුරත් පවසා සිටින්නේ “1972- 76 දක්වා කල්කටා විශ්වවිද්‍යාලයේ ව්ද්‍යාර්ථියෙකු ලෙස පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කල සමයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් වූ අතිගරු නෙලුවේ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුද්ගලික ලේකම් හිමි ලෙස කටයුතු කලෙමි. එවකට මහාබෝධි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කලේ අසල්වැසි කුඩා රාජ්‍යයක් වූ සිකිම් රාජ්‍ය පාලනය කල PALEN THOND NAMGGA රජතුමාය. එතුමා පොදු ජනතාව විසින් CHOGYAL යන නමින් හඳුන්වනු ලැබු අතර එකල එහි වාසය ජනතාව අතරින් 95% ගේ ආගම වූයේ බුද්ධාගමයි.
එම වකවානුවේ ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සිකිම් රටට උදව් උපකාර කිරීමට දැඩි හින්දු භක්තියිකයින් වූ වෛද්‍යවරු , ඉoජිනේරුවරු ,ගුරුවරු ආදි ඉහළ වෘත්තීකයින් පිටත් කරනු ලැබිය, එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි. ඉන්දීය හමුදාව විසින් අරගල මැඩ පවත්වා එහි රජතුමා ද අත් අඩංගුවට ගත් අතර අවසානයේ සිදුවුයේ එම සාමකාමී කුඩා බුද්ධාගම රාජ්‍යය ඉන්දීයාවේ ප්‍රාන්තයක් බවට පත්විමයි. සාමකාමී සීකිම් රජතුමා සිය රාජකාරි කටයුතු සඳහා මහාබෝධියට පැමිණියේ හිරකරුවෙක් වශයෙනනි. ඒ දුටු මා හට ඇති වූයේ මහත් කණගාටුවකි”.
උන්වහන්සේ එම ලිපිය මගින් තවදුරත් පවසා ඇත්තේ “අප හැමවිටම තිබ්බතය [ ටිබැටය] චීනය විසින් අල්ලා ගැනිම හෙලා දැකීමට නොපැකිලුනෙමු. එහෙත් සීකිම් රාජ්‍යය ඉන්දීයවා විසින් අල්ලා ගැනිම ගැන වචනයකුදු කථා නොකරනුයේ ඉන්දීයවා අපේ අසල්වැසි රට නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතුය යන්නයි.