Colombo Today Local News

මහින්දානන්ද රිමාන්ඩ්

mahindananda aluthgamage

මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එළැඹෙන 22දා තෙක් දින හතක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කටයුතු කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අද (15දා) අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළේය.

කුරුදුවත්ත ප්‍රදේශයෙන් ලක්ෂ 270ක් පමණ වටිනා නිවසක් මිලට ගෙන ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කොට තිබේ.


හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සදහා අද (15) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

colombotoday

පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේ

colombotoday

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin