Colombo Today Local News

“අභියෝග හමුවේ නොසැළී මම ඉතාමත් හොදින්” මැලේසියා කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ සරණංකර හිමි

frg65මැලේසියාවේ කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ සෙන්ටුල් ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති සිරි සරණංකර හිමි “මම ඉතාමත්ම හොදින් සිටිනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

එක කොටි හිතවාදියෙක් අතින් මුහුණට සහ තවත් දෙදෙනෙක් විසින් විහාරාධිපති හිමියන්ට පා පහරවල් එල්ලකර තිබුනේ ඊයේ (3) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණය අතරතුරදීය.

“බෞද්ධයෙක් වශයෙන් අප අනෙක් අය පිලිබදව කරුණාවන්ත විය යුතුයි. සාමය ආරක්ෂා කර ගැනීම සදහා අනෙක් අය තේරුම් ගත යුතුයි. අභියෝග හමුවේ නොසැලී හොද ගතිගුණ නැතිකර නොගත යුතුයි” යනුවෙන් උන්වහන්සේ පවසා ඇත්තේ Malaysia Today මාධ්‍යආයතනයට සාකච්ඡාවක් ලබා දෙමින්ය.

Related posts

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

පළාත් කිහිපයකට තද වැසි

colombotoday