Colombo Today Local News

SAITM මව්පියෝ, “පුරවැසි බලය” සෙට් වී සබරගමු සරසවි සිසුන්ට ගුටි අනී.. තුනක් රෝහලේ

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමව්පිය සංගමය විසින් ඊයේ රත්නපුරයේදී සංවිධානය කර තිබූ රැස්වීමකදී ඇතිවූ ගැටුමක් නිසා සබරගමු සරසවියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇත.

එම රැස්වීමට සයිටම් දෙම්පියන් සහ පුරවැසි බලය සංවිධානය, දඹර අමිල හිමි, වික්‍රමබාහූ කරුණාරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, දඹර අමිල හිමියන් සභාව අමතද්දී එහි සිටි සබරගමුව සරසවියේ ශිෂ්‍යයෙකු විසින් නැගිට ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේදීයි මෙම ගැටුම ඇතිව තිබෙන්නේ.

මෙම පහරදීම සිදුකර තිබෙන්නේ, සමස්ථ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු සයිටම් දෙමාපිය පිරිසක් බවත්, වහාම ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවත්, පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සංගමය පවසනවා.

Related posts

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්දට සුභපතයි

colombotoday

රංගන හේරත්ටත් කොරෝනා

colombotoday