Colombo Today Local News

මට රට දුන්නේ මහින්දට බැරි හින්දයි, ක්‍රිකට් මැච් දින්නෙත් යහපාලනය නිසයි – අගමැති

Ranil wickramasingheජනතාව විසින් තමන්ට ආණ්ඩුව ලබා දුන්නේ දිගටම ලෝකයට ණය වී රට ආගාධයට තල්ලු වී ගිය පසු තව දුරටත් ගෙන යා නොහැකි නිසා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම අභියෝගය බාරගෙන මේවන විට රට ක්‍රමයෙන් දියුණු කරමින් සිටින බවත්, පළමු අවුරුද්ද අද දිනයේ සමරනු ලැබුවද දෙවෙනි අවුරුද්ද සමරන විට මීට වඩා විශාල දියුණුවක් ලබාතිබෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියි.

ඊයේ (19) මාතර,සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති යහපාලන ආණ්ඩුවේ පළමු ජාතික සැමරුම් උළෙලට සහභාගිවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනයේ හොරු පන්නා දැමූ පසු දැන් දැන් ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය තහවුරු කරන බවද ,රටේ හොරු පැන්නීමෙන් රටේ සංවර්ධනයද දැන් දැන් අත්පත් කරගනිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉල්ලයි

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

ශ්‍රී ලංකා ආර්ථිකය දකුණු ආසියාවේ 8වැනි තැනට ඇදවැටේ… අලුත්ම වාර්තා මෙන්න

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin