Colombo Today Local News

ධීවර සංස්ථාව කොරියානු සමාගමකට විකුණයි.. කැබිනට් මණ්ඩලය එකගතාවකට එයි !

ceylon Fishery

ලංකා ධීවර සංස්‌ථාව කොරියානු සමාගමක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්වීමේදී මුලික එකඟත්වයකට එළඹ තිබේ.

ලංකා ධීවර සංස්‌ථාව මේ වන විට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි පාඩු ලබන රාජ්‍ය ආයතනයක්‌ බවට පත්ව තිබෙන හෙයින්, කැබිනට්‌ මණ්‌ඩලය අඟහරුවාදා (09 ) මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක්‌ ගැනීමට නියමිතය.

මේ වනවිට ධීවර සංස්‌ථාවේ සිටිය යුතු සේවක පිරිස 642 ක්‌ වුවත් එහි සේවකයන් 1113 දෙනකු සේවය කරන බව ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම අතිරික්‌ක සේවක පිරිස ඉවත් කිරීමට අදාළව යෝජනා කර ඇති ස්‌වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවටද යහපත් ප්‍රතිචාර නොමැති නිසා ලංකා ධීවර සංස්‌ථාව පිළිබඳ අවසන් තීන්දුවක්‌ වහාම ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා කියා සිටී.

පසුගිය මාස අට තුළ රුපියල් මිලියන හත්සියයක මුදලක්‌ මහා භාණ්‌ඩාගාරයෙන් ලබාගෙන සංස්‌ථාව පවත්වාගෙන ගිය බවත් වැටුප් ගෙවීමට පමණක්‌ ඉන් රුපියල් මිලියන 210 ක මුදලක්‌ වැය වී ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

Related posts

ටෙලි නිලියක් මහ රෑ ‍ගේට්ටුවත් කඩාගෙන පාර්ලිමේන්තු ගිහින්… ගොඩින් බේරෙන්න තරුණ ඇමතිගෙන් අත හිත

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

පාසල් සිසුන් එන්නත්කරණය ඇරඹේ

colombotoday

තවත් පාස්කු කුමන්ත්‍රණකරුවෙක් මාලිමා ලැයිස්තුවේ? ඥානසාර හිමි විශේෂ හෙළිදරව්වක් කරයි

Admin

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

colombotoday