Colombo Today Local News

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

Mahinda May dayඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (28) මහනුවරින් අරඹන පාගමනට, මහනුවර නගරයේදී සහභාගී නොවන ලෙසට මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට අද මහනුවර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත්‍රීවරුන්ටයි මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ.

එජාපය විසින්ද හෙට දිනයේ (28) මහනුවර නගරයේදී පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රවර්ධන වැඩසටහනක් හදිසියේ සංවිධානය කර තිබෙන අතර එබැවින් දෙපිරිස අතර ගැටුමක් ඇතිවේයැයි පොලීසිය විසින් කරන ලද කරුණු සැළකිල්ලට ගෙනයි මෙම අධිකරණ නියෝගය පනවා තිබෙන්නේ.

මාවනැල්ල පොලීසිය විසින් කරනු ලැබූ කරුණ ඉදිරිපත් කිරීමකට අනුව ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් මාවනැල්ල නගරයේදී පැවැත්වීම තහනම් කරමින් ද අධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් හෙට උදෑසන 9ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාව අසලින් ජන සටන පාද යාත්‍රාව ඇරඹීමට නියමිතව තිබේ.

Related posts

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

පාසල් පෙළ පොත් ලබාදීම අද සිට

Admin

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

මගේ පාලනයක් තුළ වංචා දූෂණ කරන කොමිස් ගහන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙනවා – මහින්ද රාජපක්ෂ

colombotoday

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday