Colombo Today Local News

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

china-sl-flagහම්බන්තොට දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කරගනිමින් චීන ආයෝජන යටතේ ස්ථාපිත කෙරෙන කාර්මික පුරය සදහා ඉඩම් අක්කර 1000ක් හදුනා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අමතරව මොණරාගල, බළන්ගොඩ, කල්තොට සහ රත්නපුර යන ප්‍රදේශවලින් ඉඩම් වෙන්කර ගැනීමටද රජය අපේක්ෂා කරයි.අගමැති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව චීන රජයේ ආයෝජන මත හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ආරම්භ වන කාර්මික පුරවරයට තෙල් පිරිපහදු දෙකක්, විදුලි බලාගාරයක්, නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජිතය.

වසරකට ගුවන් මගීන් ලක්ෂ 10 කට පහසුකම් සැපයීමට ධාරිතාවක් ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට මේ වන විට පැමිණෙන්නේ එක් ගුවන් යානයක් වුවද නව කාර්මික පුරය ස්ථාපිත කිරීමත් සමග දිනකට ගුවන් යානා 40 ක් දක්වා එය වර්ධනය කරගැනීමටද රජය සැලසුම් කර ඇත.

Related posts

දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday