Colombo Today Local News

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් නම කියවුණු ශ්‍රී ලාංකිකයන් අතරට ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ පෞද්ගලික හිතවතෙකු මෙන්ම බස්නාහි හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ විද්‍යා අමරපාල මහතාගේ නමද ඇතුළත් විය.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID)වෙත දැනම් දී තිබුණු අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණය අවසන් කර ඇති එම ඒකකය පැනමා සිදුවීමට විද්‍යා අමරපාල මහතා සම්බන්ධ බවට තහවුරුවී නොමැති බවට තහවුරු කර ඇත.

ඒ අනුව විද්‍යා අමරපාල මහතා ලබන සදුදා සිට බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම පරීක්ෂණය FCIDය විසින් අවසන් කළ පළමු පරීක්ෂණය යැයිද පැවසෙයි.

Related posts

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

ජාතික ගීය දෙමළෙන් ගයා, කිසිම රාජ්‍ය නායකයෙකුට නොතිබූ කොන්දක් තමන්ට ඇතිබව ජනපති පෙන්වූවා – මුස්තාෆා

colombotoday

දෙදෙනෙකුට ඇණ ගැසූ කට්ටඩියා කූඩුවට

colombotoday

මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)

colombotoday

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

කෝටි පහකට අධික අයිස් පේසාලේදී අල්ලයි

colombotoday