අගොස්තු 1 වනදා සිටි ලංගම බස් ගාස්තුද ඉහළ දැමීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
මහනුවරදී පැවති උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින පිරිවැය ඉහළයාම හේතුවෙන් මෙලෙස බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන අතර, ඒ අනුව සීයයට 6කින් එම ගාස්තුව ඉහළ නංවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.