World

තුර්කි හමුදාව කුමන්ත්‍රණය අනාගනී.. 60ක් මියගිහින්.. හමුදාවේ 1,563ක් අත්අඩංගුවට !


තුර්කි හමුදා කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ ජනතපි රිසෙප් තයීප් එර්ඩෝගන්ගේ රජය පෙරළිම සදහා කළ කුමන්ත්‍රණය අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට මේවන විට හමුදාවේ 1563දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වුවද තුර්කියේ බලය අල්ලාගත් බව තුර්කි හමුදා කණ්ඩායමක් එරට රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරයාට සහය දක්වන පිරිස් හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රබල උද්ඝෝෂණයක නිරතවී ඇති අතර එහිදී හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 60 කු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඩොලර් බිලියන ගණනක වත්කම් සතු ආගමික ව්‍යාපාරයක ප්‍රධානියෙකු ලෙස සැලකෙන පූජක ෆෙතුල්ලාහ් ගූලෙන් මෙම හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින බව තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගන් අවධාරණය කළේය.

Related posts

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්

colombotoday

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

colombotoday

ලන්ඩනයේ බසයක් තුලදී තරුණයෙකුට බුර්කාවක සගවාගෙන ආ පිහියකින් අනි

colombotoday