Colombo Today Local News

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

ranil maithripalaවැට් බදු සංශෝධනයට ජනාධිපතිවරයාගේ පාර්ශවය විරෝධය දැක්වීම හේතුවෙන් වැට් බදු ඉහළ නැංවීට අදාල පනත පාර්ලිමේන්තුවේ සම්මතකරගැනීමට අගමැතිවරයාට අභියෝගයක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් වැට් සංශෝධනයට ජනපති පාර්ශවය එකග නොවුනොත් එය සමස්ත ආර්ථික ක්‍රියාවලියම කඩා වැටීමට හේතුවක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇති අතර මේ අනුව සංශෝධන සහිතව ජනපති සහ ශ්‍රීලනිපය මීට එකගවනු ඇතිබවද විශ්වාස කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගොණුකළ පෙත්සමේ තීන්දුව ලබා දෙමින් ලබන 20 වැනිදා දක්වා වැට් බදු ඉහළ දැමීට අදාළ සංශෝධනය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගකරනු ලැබුවා. ඒ අනුව වැට් බදු අයකරන විවිධ ක්ෂේත්‍රයන් වැට් අයකනරවාද? නැද්ද? යන්න තීරණය කර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වනවා.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් වැට් අයකරන්නද ? නොකරන්නද ? යන්න පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් කළ විමසුම්වලදි ඔවුන් පවසා ඇත්තේ තමන්ට කැමති දෙයක් කරන ලෙසයි.

Related posts

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

colombotoday

රජය දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

Admin

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday