Colombo Today Local News

“ජනතාවගේ සෞඛ්‍යට සීනි අගුණයි.. සියලු සීනි නිශ්පාදන සදහා බද්දක් අයකරනවා” සෞඛ්‍ය ඇමති රාජිත

rajitha

සීනි නිෂ්පාදන සදහා අය කරන බදු ප්‍රතිශත ඉහළ නැංවීම සදහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

බෝ නොවන රෝගවලට වැඩිම හේතුව සීනි නිෂ්පාදන වැඩියෙන් පරිභෝජන කිරීම බවත්, ජනතාව එම උවදුරින් ගලවා ගැනීම සදහා මෙම පියවර ගන්නා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සීනි සඳහා බදු ඉහළ නැංවිය යුතු බවට තමන් මීට පෙර ද ප්‍රකාශ කළ අතර ඊට විවිධ විවේචන එල්ල වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

එහෙත් බෝ නොවන රෝග වැළැක්වීමේ අරමුණින් එංගලන්තය වැනි රටවල ද සීනි සඳහා අය කෙරෙන බදු ප්‍රතිශත ඉහළ දමා ඇති බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.

Related posts

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමට ඇමති ටිරාන් අලස් අත්සන් තබයි

Admin

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday