Colombo Today Local News

වෛද්‍යවරු සටන දිනයි.. පරාජිත ඇමති රාජිත වෛද්‍ය නාම ලේඛණය ඉවත්කර ගනී

rajitha3

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සීමාවාසික වෛද්‍ය පත්වීම් නාම ලේඛනය ඉවත් කරගැනීමට අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු රජයේ පාර්ශවය එකග වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ රාත්‍රියේදී ඇමතිවරයා සහ වෛද්‍ය නිලධාරී සංගමය අතර පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකගත්වයට පැමිණ ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ඇතිව නාම ලේඛණය නැවත සකසන්නටද ඇමතිවරයා ඇතුළු රජයේ පාර්ශවය එකගවී තිබේ.

ඒ පිළිබදව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා පැවසූවේ අමාත්‍යාංශය දැක්වූ නම්‍යශීලීභාවය පිළිබදව ස්තූතිවන්ත වන බවත්, එකග වූ කරුණු කාරණා ඒ ආකාරයෙන්ම ඉටුවනවාද යන්න තම සංගමය විමසිල්ලෙන් සිටින බවයි.

Related posts

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

සාදයක් මරණයකින් අවසන් වෙයි

Admin

හම්බන්තොටටත් පැල ලක්ෂයක පොල් ත්‍රිකෝණයක්

Admin

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday