Colombo Today Local News

රජයේ ආදායම දෙගුණයකින් පල්ලම් බැහැලා.. ජාත්‍යන්තරයෙන් ණය දෙන්නෙත් නෑ.. බදු වැඩි කරේ ඒකයි” එස් බී වටවංගු නැතිව කෙළින්ම කියයි

sb disanayake 233

රජය සතුව 23%ක්ව පැවති රාජ්‍ය ආදායම මේ වනවිට 11% ක් දක්වා පහළ ගොස් ඇති බව සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන් රජය ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන අරමුදලෙන් හෝ වෙනත් රටකින් ආධාර ඉල්ලා සිටිය ද ඒවා ලබා ගැනීම අපහසු බවත් ඔවුන් කියාසිටින සරල කාරණය වන ශ්‍රී ලංකා රජයේ ආදායම වැඩිකර ගැනීමට කටයුතු කිරීම යන්න සත්‍ය බවත් ඒ මහතා කියාසිටී.

රටේ අත්‍යවශ්‍යය කටයුතු නඩත්තු වන්නේ රජයේ ආදායමින් වන බැවින් රජයේ අදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම අත්‍යාවශ්‍යය කාරණයක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ හේතුවෙන් රජයට තාවකාලිකව යම් යම් තීරණවලට එළඹීමට සිදුවන බවත් වාහනවල මිල වැඩි කිරීමට සිදුවීම ද එලෙස තාවකාලිකව ගත් තීරණයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ ය.

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

colombotoday

මාලිමාවේ රැල්ලට සුමන්තිරන් හේදිලාම යයි

Admin