Colombo Today Local News

පාළුගෙයි වලං නොබිද මුහුණට මුහුණ එනු – විමල් ඇතුළු අටකට බොදු බලෙන් අභියෝග

දේශපාලන ධාරාවේ සිටින කට හැකරයන් නැවතත් උඩු බිරීමට පටන්ගෙන ඇතැයි බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි 10 වනදා පවතී මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

බොදු බල සේනා සංවිධානයට මුල්ම ප්‍රහාරය එල්ල කලේත් මන්ත්‍රී විමල් වීරවංශ මහතා බවත් 2013 මැයි 14 වනදා ඊට පිළිතුරු වශයෙන් චෝදනා ඔප්පු කළහොත් බොදු බල සේනාව විසිරුවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමන් සිදුකර තිබෙද්දීත් මන්ත්‍රීවරයා දිගින් දිගටම පාළුගෙයි වලන් බිදින බවට ඥානසාර හිමි එහිදී චෝදනා කර සිටියා. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා දක්වන විග්‍රහයන් පිලිබදව තමන් වහන්සේ ආශීර්වාද කරන බවත් හිතේ වෛරයක් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, මනුෂ නානායක්කාර, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ටත් ගෙවිදු කුමාරතුංග සහ දයාන් ජයතිලක යන විචාරකයින්ට බොදු බල සේනා නියෝජිතයින් නොමැති තැන්වල බොරු නොකියා ප්‍රසිද්ද විවාදයකට පැමිණෙන ලෙස උන්වහන්සේ අභියෝග කර සිටියා.

මංත්‍රී වරප්‍රසාද යනු අවලාද නැගීම නොවන බවත් CIA කුමන්ත්‍රණ හෝ නොර්වේ මුදල් ලබා දුන්නේනම් එම මුදල් ලැබුණු බැංකු ගිණුම්, මුදල් ලබාදුන් පුද්ගලයන්, මුදල් ලබාගත් පුද්ගලයන් ඇතුළු තොරතුරු හෙළිකරන ලෙස ඥානසාර හිමි සදහන් කර සිටි අතර මේ රටේ අහිංසක දුප්පත් දරුවන්ගෙන් බොදු බල සේනා සංවිධානය ගොඩ නැගුනු අතර රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ කිසිදු දේශපාලකයකුගෙන් සතයක්වත් සංවිධානය වෙනුවෙන් ලබාගන නොමැති බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

දේශප්‍රේමය යනු දේශපාලන බලය වෙනුවෙන් ව්‍යාජ දේශප්‍ර්මයක් මවා පෑම නොවන බව සදහන් කල උන් වහන්සේ පහල තැනින් වතුර ගලන්නා සේ චීවරයට අවලාද නොනගා බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාට අවලාද නගමින් සිටින බව සදහන් කල උන්වහන්සේ විමල් විරවංශ මහතාට සමාජවාදය කරපින්නාගන දේශපාලනයට පැමිණ ජාතිකවාදී දේශපාලනයට පැන රාජපක්ෂ මහතා ලග සිට ගැනීමට හොදයිනම් දිලන්ත විතානගේ මහතා වෙනත් ආයතනයක සේවය කර පසුව බොදුබල සේනා සංවිධානය සමග එකතුවීමට නොහැකි ඇයිදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

“දේශපාලන ධාරාවේ සිටින පක්ෂ විපක්‍ෂ සිංහල යැයි කියාගන්නා සට්ටැඹියන්ගෙන් අපි අහනවා මේ රට තුල සිදුවන මුස්ලිම් ආක්‍රමණයට, ඉඩම් මංකොල්ලයට විරුද්ධව කතාකිරීම, අන්‍යගමිකරණයට විරුද්ධව කතා කිරීම යනු කුමන්ත්‍රණදැයි” උන් වහන්සේ ප්‍රශ්න කර සිටියා.

Related posts

හෙට සිට ලබන 30 වැනිදා දක්වා නව මාර්ගෝපදේශ

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අද CIDයට

colombotoday