Colombo Today Local News

“මහින්ද අනාරක්ෂිතයි, සංඝ රත්නයත්, ජනතාවත් කැළඹිලා” රාමාඤ්ඤ නිකායේ මහා නාහිමියෝත් ජනපතිට ලියයි

napana pemasiri nahimi

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබු හමුදා ආරක්ෂාව ඉවත් කිරීම නිසා මහා සංඝරත්නයත්, මහජනතාවත් කැළඹීමට පත්ව ඇතැයි රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටිති.

රට දෙකඩ කිරීමේ උත්සාහය තවමත් නිමා වී ‍නොමැති බැවින්, ත්‍රස්තවාදය පරාජය කළ හිටපු නායකයාට ඇති ජීවිත තර්ජන පහව ගොස් නොමැති බවත්, එම නිසා එතුමාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාව නැවත ලබා දීමට කටයුතු කරන ලෙසද මහා නාහිමියන් ජනපතිවරයාට අනුශාසනා කර සිටිති.

අමරපුර මහා නිකායේ මහා නාහිමියන්ද පසුගියදා ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව නැවත ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

fafaf

Related posts

ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත් තනතුරක් හදා සමීප හිත‍වතෙකුට දෙයි!

colombotoday

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

colombotoday

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

colombotoday

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin