ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියේ සංවිධාන කටයුතු සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සක්‍රීයව දායක වෙමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජේ්යෂ්ඨයන්ගෙන් විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ.
පසුගිය රජයේ ප්‍රබල භූමිකාවක් රගපෑ සජින් වාස් මන්ත්‍රීවරයා නව රජය බලයට පත්වී කෙටි කලකින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. පසුව ඇප මත නිදහස් වීමෙන් අනතුරුව රජයේ ඉහළම පෙළේ නායකයකුගේ සොයුරෙකු සමග මහා පරිමාණ හවුල් ව්‍යාපාරයකටද අතගසා ඇත. මේ වන විට ඔහුට ප්‍රභූ ආරක්ෂාවද හිමිව ඇත.