World

චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයි

අමෙරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරු බදු පනවන බව ඇමෙරිකානු රජය පසුගියදා ප්‍රකාශ කළ අතර, ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය චීන රජයද සූදානම්ව සිටී.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මස දහවෙනිදා සිට,වර්තමානයේ අදාල ගාස්තු අනුපාතය මත පදනම්ව, අමරිකාවෙන් ගෙන්වන සියලුම ආනයනික භාණ්ඩ සඳහා 34%ක අතිරේක බදු පනවන බව චීන වාණිජ අමාත්‍යාංශය අද නිවේදනය කළේය

එක්සත් ජනපද ජනාධිපතිවරයා පවතින තීරු බදු මත 34% අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු චීන අපනයන සඳහා වන බදු සියයට 60 කට වඩා වැඩි වීමට නියමිතය

එමෙන්ම ඇමරිකානු Skydio සමාගම ඇතුළු ඒකකයන් එකොළහක් අද (04) සිට චීනය විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කියා සිටී.

මේ අතර චීන රේගු පරිපාලනය, ඇමරිකානු සමාගම් හයක නිෂ්පාදන චීනයට අපනයනය කිරීමේ සුදුසුකම ද අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

Related posts

ලෝක වෙළඳපොලේ රන් මිල පහතට

colombotoday

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday