Colombo Today Local News

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

ගිය වසරේ (2015) දී සිදුවූ මහ බැංකුවේ මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුවද එවැනි ප්‍රශ්නගත බැඳුම්කර නිකුත් කිරීම් සිදුවෙමින් පවතින බවත් එහිදී සිදුවන පොලී අනුපාත ඉහළ යැම හරහා මහජනතාවට අතිවිශාල පාඩුවක්‌ විඳීමට සිදුවන බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ප්‍රකාශ පවසයි.

මේ බැඳුම්කර නිකුතුවලදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා මහ බැංකුව විසින් නිකුත් කළ වටිනාකම ඉක්‌මවා බැඳුම්කර ලංසු පිළිගැනීමෙන් මේ අක්‍රමිකතාව සිදුවන බවද මෙය හුදෙක්‌ම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ සිදුවූ පොලී අනුපාත තීරණය වීමක්‌ ලෙස පෙන්වාදෙමින් මහ බැංකුව විසින් මේ අක්‍රමිකතාව සාධාරණීය කරමින් සිටින බවටද ඔවුහු චෝදනා කරති.

එහිදී චෝදනාවන්ට ලක්‌ වී ඇති එක්‌තරා ප්‍රාථමික වෙළෙඳ ආයතනයක වැඩි ලංසු පිළිගැනීම විශේෂත්වයක්‌ බවද ඔවුහු කියති.

ඉකුත් මාර්තු 29 දා මහ බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවද එවැනි ආකාරයේ ප්‍රශ්නගත එකක්‌ බවත් එහිදීද පොලී අනුපාත සියයට 14 ද ඉක්‌මවා ඉහළ ගිය බවත් එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ප්‍රකාශ කරති.

මේ සිදුවීම් හරහා මහජනතාවට සිදුකරමින් තිබෙන අතිවිශාල හානිය වැළැක්‌වීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් වියයුතු බවද ඔවුහු කියා සිටිති.

මේ බැඳුම්කර අක්‍රමිකතාවන්ට ඒකාබද්ධ විපක්‍ෂය දැඩි විරෝධය දක්‌වන බවත්, දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් මාර්තු 29 දින සිදුවූ බැඳුම්කර නිකුතුව ගැන පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ලිතව ප්‍රශ්න කිරීමට අපේක්‍ෂා කරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මීට අමතරව ගිය වසරේ (2015) දී සිදුවූ මහා පරිමාණ බැඳුම්කර වංචාව ගැන වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සහ කැබිනට්‌ ඇමති මහින්ද අමරවීර මහතා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවල ප්‍රගතිය ගැන එම කොමිසම වහාම මහජනතාවට තොරතුරු හෙළිදරව් කළ යුතුව ඇතැයිද ඒ ගැන ඒකාබද්ධ විපක්‍ෂය එම කොමිසමෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය.

Divaina

Related posts

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

රාජිතට නිදහස ඉල්ලා කල සත්‍යග්‍රහය

colombotoday

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday