Colombo Today Local News

ජනපති හමුවෙන්න අවශ්‍ය බව කී පුද්ගලයෙක් අත්අඩංගුවට

පිළියන්දල – ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනයකර අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ, පිළියන්දල – තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මෙම පුද්ගලයා (26) දින පෙරවරුවේ ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී තිබේ.

ඒ අතරතුරදී අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කොට ඇති අතර එම පුද්ගලයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

Related posts

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

තියුණු ආයුධයක් අරන් හිටපු ජනපතිගේ නිවසට ඇතුළුවෙන්න ගිය තැනැත්තා කියන කතාව !

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.

colombotoday