Colombo Today Local News

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් අල්ලස් වශයෙන් ලබාගත් දෙදෙනෙකු කොස්ගම ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන ආදායම් නිලධාරියෙකු සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ මාර්ග අංශයේ සේවය කළ කම්කරුවෙකි.

කොස්ගම ප්‍රදේශයේ වෙළඳසැලක හිමිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වැටළීම සිදුකර ඇත.

පැමිණිලිකරුගේ වෙළඳසැලට 2025 වසරට අදාළ වෙළඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් 1170ක් වටිනා කුකුළු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර එය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

මිලදී ගත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

“ඥානසාර හිමි ගෝඨාභයට” ලෙස අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයක්

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday