Colombo Today Local News

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම අධ්‍යාපන සුදුසුකම් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

ඒ ඊයේ දිනයේ ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද අභියෝගයකට ප‍්‍රතිචාර දක්වමිනි.

“සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා.ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා.පසුව රාජකීය විද්‍යාලයට ගියා.මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ.මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා.

ඉන් පසුව එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.එහිදී ඕලෙවල් විභාගයට පෙනී සිට එය සමත් වුණා.ඒ කියන්නේ මා පෙනී සිටියේ ලන්ඩන් ඕලෙවල් විභාගයට.

මිල් හිල් විද්‍යාලයේ උසස් පෙළ විෂයට මා ත්‍යාග ලබා තිබෙනවා.බී දෙකක් සහ සී දෙකක් මට උසස් පෙළ ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල මුල් කරගෙන එංගලන්තයේදී උපාධිය හදෑරුවා.

ඉන් පසුව ඇමරිකාවේදී මාස්ටර් උපාධිය සඳහා තෝරා ගැනෙනවා.නමුත් මගේ පියාගේ අභාවයෙන් පසුව මේ රටට එන්න තීරණය කළා.ඒ නිසා එය සම්පූර්ණ කරගන්නට බැරි වුණා.ඇමරිකාවේ මාස්ටර් උපාධිය හදාරනරන සමයේ එහි සෙනෙට් සභිකයෙක් ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කළා.

නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතු කරන අතරතුර 2021 2022 වසර වල මා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.ඒ මාස්ටර් උපාධියක් සඳහා.

එහිදී දැන් අගමැතිවරිය වන හරිනි අමරසූරිය පැවැත්වූ වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. එතුමිය හොඳ ගුරුවරියක්.හැබැයි මේ දේශපාලන කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු එක දිගට ක්‍රියාත්මක කිරීම අසීරු කාර්යයක් වුණා.කරුණු බොරු නම් මන්ත්‍රීකමෙන් මෙන්ම විපක්ෂ නායකකමින් ඉවත් වන්න මා සූදානම්.

මම නිකමට උප්පැන්න සහතිකයත් අරගෙන ආවා.කවුරු හරි ප්‍රශ්න කලොත් පෙන්වන්න”

Related posts

කාන්තාවන්ට පොලු මුගුරුවලින් තඩි බෑ ක්‍රයිම් OICට වැඩ වරදී

colombotoday

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

colombotoday

සජිත් රනිල් ප්‍රතිපත්තිමය එකඟතාවයක්

Admin

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

colombotoday

ජාතිවාදය අවුස්සන අසාද් සාලිට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin