Colombo Today Local News

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මුල් අරමුදල සමග වූ වැඩපිළිවෙලට තම පක්ෂය විරුද්ධ වූයේ එවකට රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නොතිබූ නිසා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ජනවරමක් නැති ජනාධිපතිවරයකුට රට සම්බන්ධයෙන් එවන් ගිවිසුමකට එළඹීමෙන් අයිතියක් හැකියාවක් නැතිය යන පදනමේ සිට තම පක්‍ෂය එදා එම ගිවිසුම් වලට විරුද්ධ වෙද්දී එදා විපක්ෂයේ සිටි සියලු පක්ෂ එම ගිවිසුමට පක්ෂ එකඟතාව පළ කළ බවත් ඇය කියා සිටී.

කෙසේ හෝ දැන් ආණ්ඩු පක්ෂය වන තම පක්ෂය අදාළ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ රටක් ලෙස ඒ සඳහා නෛතික වශයෙන් බැඳී ඇති නිසා බවද ඇය පෙන්වා දෙයි.

ඒ අරුතෙන් පසුගිය ආණ්ඩු විසින් කරන ලද වැරදි තම කරමත පැවරී ඇති බවත් එහි වගකීමද දැරිමට සිදුව ඇති බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

Related posts

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

සෞදි අරාබිය වයස 18 ට අඩු විවාහ තහනම් කරයි – අරාබියෙත් නැති ගෝත්‍රික නීතිය ලංකාවේ තවම ක්‍රියාත්මයි !

colombotoday

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday