Colombo Today Local News

මහින්ද ගෝඨටත් වඩා ආයතන වැඩිම ගණනක් තබා ගැනීමේ වාර්තාව අනුරට

‘දේශපාලන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ලග තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර ඉතිහාස ගත වෙනවා’ යයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

“මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමාට,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය ආයතන තබා ගැනීම සම්බන්ධව චෝදනා කල අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම රාජ්‍ය ආයතන 94 ක් තමන් යටතේ ගැසට් කර ගැනීම හාස්‍යයට කරුණක් බව නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා පවසන ලදී . මේ තුලින් ජනපති අනුර කුමාර දිසානායක මහතා වාර්තාවක් තබා ඇති බවත් එතුමා වැඩිම රාජ්‍ය ආයතන තමන් යටතට තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ඉතාහාසයට එක්වන බවත් එතුමා පවසන ලදී.

ජනාධිපතිතුමා තමන් යටතේ ආරක්ෂක ,ආර්ථික, ඩිජිටල් ආමාත්‍යාංශ යටතේ රාජ්‍ය ආයතන 94 ක් ගැසට් කර ගැනීම විමතියට පත්වන කරුණක් බවත් මේ තුලින් ආණ්ඩුව තුල ආර්ථික ඒකාධීපතිත්වය ජනාධිපතිතුමා හසුරුවන බවත් එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේය.

පසුගිය පාර්ලිමේන්තුව වැඩිහිටි නිවාසයක් යැයි උසුළු ,විසුළු කල ජාතික ජන බල වේගයේ සාමාජිකයින්ට අද ඔවුන් පත් කරගත් පාර්ලිමේන්තුව තුල ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබදව පරිනත අත්දැකීම් ඇති පුද්ගලයින් නොමැති බැවින් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි.

මැතිවරණ වේදිකාවේ ආර්ථිකය හසුරවමින් ආර්ථීක කළමනාකරණ ඔස්තාර්ලා ‍NPP ආණ්ඩුව සතුයි යැයි කොතරම් කයිවාරු ගැසුවත් එවැනි කිසිවකු අනුර කුමාර ජනාධිපතිතුමා සමග නොමැති බව ජනාධිපතිතුමා විසින් මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය, තමන් යටතේ තබා ගැනීම තුලින්ම පැහැදිලි වේ.

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාශය /ආර්ථික අමාත්‍යංශය තමන් යටතේ තබා ගැනීම ප්‍රශ්න කල දැඩි විවේචනය කල අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන් යටතේ එකී අමාත්‍යාංශ දැන් තබා ගනුයේ කිනම් පදනමෙන්ද ? එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා කතරගම දෙවියන් දැයි ඇසු ජනපති අනුරගෙන් හා ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් දැන් අපට ඇසිය යුතු වන්නේ අනුර ජනපති සර්ව බලධාරී දෙවියන් හෝ කතරගම දෙවියන් ද කියාය .

ඊට අමතරව මේ ප්‍රධාන අමාත්‍යංශ තුන යටතේ ශ්‍රි ලංකා ගුවන් සේවය, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, අපනයන ,ආනයන දෙපාර්තමේන්තුව,සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රි ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, මොබිටෙල් ආයතනය ආදි රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන 94 ක් තබා ගැනීම, ජාතික ජන බල වේග ආණ්ඩුවේ අනිත් අමාත්‍යවරුන්ට ආදායම් ඇති ආයතන නැති තරම්ය .එමෙන්ම ජනපතිගේ මේ ක්‍රියාවෙන් ආර්ථික ඒකාධිපතිවාදයක් තමන් සතු කර ගන්නා ලද බවක්ද පෙනි ගොස් ඇත. එය ජනපතිතුමන්ගේ බල තණ්හාවද නැතිනම් අන් පිරිසගේ නොහැකියාවද යන්න රටට ප්‍රකාශ කරන්නැයි අපි ජනපති අනුර මහතාගෙන් ඉල්ලා සිටිනවා. අද පාර්ලිමේන්තුව නොමේරු ළදරු ඒකකයක් බවට පත් වී ඇති බවය අපට පැහැදිලි වන්නේ .

මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව තඹ සතේකට මායිම් නොකර ජාතික ආරක්ෂාවත් සමග සෙල්ලම් කරමින් ඉන්නවා. මේ නිසා රට කෙමෙන් කෙමෙන් බෙදුම්වාදය හරහා ඊලම වෙත තල්ලු වේ දෝයි සාධාරණ බයක් අපිට තියෙනවා.

රටපුරා කදවුරු පිහිටුවමින් පාරවල් වසා දමා තිබ්බේ විනෝදෙට නෙමේ. උපාය මාර්ගිකව වැදගත් නිසා . ඇයි ආණ්ඩුවට මේ ගැන අද වන තුරු ආරක්ෂක අමාත්‍යංශයෙන් කිසිම පැහැදිලි කිරීමක් නෑ. මේ කඳවුරු ඉවත් කරන්න පාරවල් අරින්න ඇයි මෙච්චර හදිස්සි.

අපි ආණ්ඩුවෙන් අහනවා මේ කඳවුරු ඉවත් කරන්න කලින් මේ පිළිබදව ආරක්ෂක කවුන්සලයේ මේ ගැන සාකච්ඡා කලාද? පලාලි අච්චුවේලි පාර විවෘත කරලා මේ වෙන කොටත් හමුදා කඳවුරු හතරක් උතුරේ ඉවත් කරලා. අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ රටේ හිටපු අසහාය රණවිරුවකු වු හසලක ගාමිණි දිවපිදු අලිමංකඩ කඳවුරත් ඉවත් කරන්න සුදානම් බව. එම නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා මේ හදන්නේ ජනපතිතුමා උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රට බෙදුම්වාදයට ඇදගෙන යාමටද යන්න.

නොවැම්බර් 27 වන දින L.T.T නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් යුද්ධයෙන් පසු පැවැත්වු දැවැන්තම මහවිරු සැමරුම පැවැත්වීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වී ඇත. LTT සංවිධානය යනු ජාත්‍යන්තරව තහනම් සංවිධානයක් වේ. එය එංගලන්තය ,ඇමරිකාව වැනි රටවල පවා තහනම් කර තිබේ. එහෙම තහනම් සංවිධානයක නායකයා සැමරීමට අප රටේ ඉඩ දීමෙන් පෙනියන්නේ මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නොමැති බවයි.

දැන් මෙම ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමා කියනවා, තහනම් සංවිධානයක් උනත් කොඩි, ලාංජන, සංකේත ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. මේක බරපතල ප්‍රකාශයක්. අපි මේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. එතුමාගේ එම ප්‍රකාශය බෙදුම්වාදයට උඩ ගෙඩි දීමකී. මිය ගිය අය සැමරුමට ,පහන් පත්තු කලාට මල් පුජා කලාට ගැටළුවක් නැත. එය අපිට ප්‍රශ්නයක් නොවේ. හැබැයි තහනම් සංවිධානයක නායකයා සමරන්න පුළුවන්ද , තහනම් ලාංඡන කොඩි ,පුවරු ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද ? මේ රටේ 27000 ක් රණවිරුවෝ ජීවිත පූජාකලේ,17 000 වැඩි පිරිසක් දෙඅත් ,දෙපා අහිමි කර ගත්තේ මේකටද? ඒ නිසා අපි නැවතත් මේ ආනන්ද විජේපාල මහතාගේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. අපි එතුමාගෙන් අහනවා මේ ඔබේ පෞද්ගලික මතයද? නැත්නම් ජනපති අනුර ප්‍රමුඛ ආණ්ඩුවේ මතයද කියලා .

අද මේ මහවිරු සැමරුම ගැන ආණ්ඩුවේ ඇමතිවරු අතරත් තියෙන්නේ පරස්පරයක්. රජයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නලින් ද ජයතිස්ස මැතිතුමා කියනවා, එහෙම තහනම් සංවිධානයක ,කොඩි ,දජ ,ලාංජන,ප්‍රදර්ශනය තහනම් කියලා. මේ ආණ්ඩුවට අපි පැහැදිලිව කියනවා ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන්න එපා කියන වග . අපි අහන්න කැමති, මහජන ආරක්ෂක ආමාත්‍යතුමාගෙන් මේ සැමරුම ගැන ඔබතුමා ගරු ජනාධිපතිතුමාව දැනුවත් කලාද? ආරක්ෂක කවුන්සලය දැනුවත් කළා ද යන්න . මේ තස්ත්‍ර සැමරුම නතර කිරීමට ගත් පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග මොනවාද යන්න රටට දැනුවත් කරන ලෙස.

රාජාසන කතාවේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ උතුරේ මෙන්ම දකුණේ බෙදුම්වාදය අවසන් වගය. නමුත් ඒ පිළිබඳව ප්‍රකාශ කර පැය කීපයක් ගතවීමට මත්තෙන් උතුරේ බෙදුම් වාදය ආරම්භ කරන ලදී. මෙයට ද 68 ලක්ෂයක ජන වරම ඔහුට ජනතාව විසින ලබා දීම සිදු කරන ලද්දේ”

– Media unit

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

colombotoday

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

Admin

වෙඩි නොවදින කාර් සිද්ධිය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

colombotoday