Colombo Today Local News

ආපදාවෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 17 අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127 පවුල් 59629ක අයත් පුද්ගලයන් 207582 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පැවසීය.

යාපනය ,පුත්තලම ,කෑගල්ල ,මන්නාරම ,කිලිනොච්චිය, රත්නපුර, ගාල්ල,ත්‍රිකුණාමලය ,බදුල්ල, මුලතිව්, නුවරඑළිය ,අනුරාධපුරය , මඩකලපුව, මාතර ,මාතලේ, අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ.

ඒ අනුව ජල ගැලීම්,තද සුළං, ගංවතුර, ගස් හා කණ්ඩි කඩා වැටීම හේතුවෙන් එම ආපදා සිදුව තිබේ.

ආරක්ෂිත ස්ථාන 104ක් තුළ පවුල් 3102 අයත් පුද්ගලයන් 10137 දෙනෙකු රඳවා සිටියී.

ආපදා හේතුවෙන් අද (27) පෙරවරු 06.00 වනවිට මරණ 01ක් සහ අතුරුදන් වූවන් 07 දෙනෙකු සිටියී.

අර්ධ නිවාස හානි 561ක් සහ පූර්ණ නිවාස හානි 06ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

බැදුම්කර බෑණා තවත් ඇමති දෙපොළකට සුපිරි ගෙවල් දීලා..! එකෙක් කොළඹ, අනිකා කළුතර..

colombotoday

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස්භූගත කුටියක සඟවා සිටියදී සොයා ගනී

Admin

ඇමරිකානු 30/1 ක යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාවෙන් ලංකා රජයට පැසසුම්..

colombotoday

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

colombotoday