Colombo Today Local News

ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ල

මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගහැරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලනයේ පැරණිම අමාත්‍යාංශයක් වන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සව සංවිධානය කිරීමේදී මූලික වී කටයුතු කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක් ඇතුළු ආයතන කිහිපයක් පාලනය විය.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය අතපසුවීමෙන් මගහැරිණි ද, එසේ නොමැතිනම් වෙනත් හේතුවක් නිසා එය සිදු වූවා ද යන්න අපැහැදිලි බව එම අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීට පෙර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලෙස පැවතියත් මෙවර එය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

Admin

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අවතැන් ජනයාට ආධාර පතා භික්ෂුන්වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ

colombotoday