Colombo Today Local News

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියාව රැකියාවලට තරුණයන් යවන මුවාවෙන් මිනිස් ජාවාරමක නිරතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ චෝදනා කළේ, E8 කාණ්ඩය යටතේ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවේ පවතින අතර හිටපු ඇමැතිවරයා පෞද්ගලිකව ගිවිසුම් අත්සන් කොට වීසා ලබා දී රැකියා ඒජන්සි මාර්ගයෙන් තරුණයන් කොරියාවට යැවීමට කටයුතු කර ඇති බවටයි.

අදාළ රැකියා ගිවිසුම් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිවක් නොදැන සිටි බව ද එම වීසා නිත්‍යානුකූල කිරීමේ හැකියාවක් නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කරයි. සභාපති කෝසල වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළේ මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළ අතර ඉදිරියේ දී නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි

Related posts

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

colombotoday

ජනපති මෛත්‍රිගේ ප්‍රඥාවන්ත පාලනය නිසා ලංකාව දැන් දිදුලනවා – කැනඩා විදේශ ඇමති

colombotoday

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

colombotoday