Colombo Today Local News

පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවක් අප කිවුවේ නෑ

පාර්ලිමේන්තු භෝජන ශාලාවෙන් ආහාර නොගන්නා බවට ජාතික ජන බලවේගය ප්‍රකාශ නොකළ බව එම පක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

තම පක්ෂය පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බව නොව කොත වගේ බෙදාගෙන කෑම නොකන බව පමණක් සඳහන් කළ බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේ යැයි හර්ෂද සිල්වා මහතා පැවසීය.

තම ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු භෝජනාගාරයක් වසා දැමීමට හෝ ගෙදරින් කෑම ඔතාගෙන එන්නට යෝජනා නොකළ බවද එකී මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවට ප්‍රකාශ කළද රාජාසන කතාව කල පසු සියලු දෙනාම සුපුරුදු ලෙස භෝජන සංග්‍රහයට එක් වූවා නොවේදැයි මාධ්‍ය කළ විමසුමකට පිලිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

Related posts

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

අරක්කු මිල ඉහළට

Admin

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday