Colombo Today Local News

නියෝජ්‍ය ඇමතිධූර නම් ටිකක් වැඩිවෙයි

ජාතික ජන බලවේග ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව 25තට සීමා වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එහෙත් විශාල අමාත්‍යංශවල කාර්යභාරය තනි නියෝජ්‍ය ඇමැතිවරයෙකුට කළ නොහැකි නිසා ඒ සඳහා නියෝජ්‍ය ඇමති ධුර 2 බැගින් පත් කිරීමට සිදුවිය හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

එළඹෙන 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවත් ඊට පෙර ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන බවත් ටිල්වින් සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ජවිපෙ මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ, අගමැති ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නැවත පත්කරන බවත් එහි කිසිදු වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවත් ය.

අද (15) පැලවත්ත පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Related posts

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday