Colombo Today Local News

සම්බාහනයට ගිය දොස්තරගේ ලක්ෂ 10ක් ගලවයි

සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා මුදල් වංචාවක් සහ කොල්ලකෑමක් සිදුකළ සැකකරුවන් 5ක් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙක් ගෙන්වා ගෙන පහරදී, පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන තිබේ.

පසුව පසුම්බියේ තිබූ මුදල් රුපියල් 15,000ක් කොල්ලකා ඇති අතර, ඒ සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළක් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක්ද, සමඟ පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 54ක් වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

Related posts

කතානායක රවට්ටන කුමන්ත්‍රණයක්?

Admin

අප්‍රිකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවලට අලුත් මාවතක්: බිල් ගේට්ස්ගේ දශක 2ක දායකත්වය

Admin

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

දුම්රියක් මහරගමදී පීලි පනී

colombotoday

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

colombotoday

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday