Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

කොච්චිකඩේ පොලිස් වසමේ මැතිවරණයට අදාල පෝස්ටර් ඉවත් කිරීමේ රාජකාරි යෙදී සිටි කොච්චිකඩේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට, එක් අපේක්ෂකයෙකුට අදාලව පමණක් පෝස්ටර් හා බැනර් ඉවත් නොකරන ලෙසට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කර, අඩන්තේට්ටම් කිරීම, එමෙන්ම පොලිස් ආඥා පනතේ සඳහන් වැරදි සිදුකිරීම සහ මැතිවරණයට අදාලව පවතින නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2024.11.11 වන දින කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

මැතිවරණ කොම්සමෙන් ලද පැමිණිල්ලකට අනුව විර්මශන කටයුතු සිදුකර කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විර්මශන කටයුතු සිදුකරනු ලබයි

Related posts

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

‘මේ රටට ඕන බෞද්ධ ඒකාධිපතියෙක්‘ – 2020 රටට ඕන නායකයා ගැන ඥාණසාර හිමි කතා කරයි

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

කිළිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රාථමික විද්‍යාලය අසලින් ආයුධ හා පුපුරණද්‍රව්‍ය හමුවේ.

colombotoday