Colombo Today Local News

ආණ්ඩුව ණය ගන්නකොට විජිතයි ටිල්විනුයි පොඩ්ඩක් දැනුවත් කරන්න

පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොලකරු සොයා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ආණ්ඩුව විසින් ආරක්ෂා කිරීම නොව ඔහුට එරෙහිව නඩු පැවරීම බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳ ඉතාම පැහැදිලි හා නිරවද්‍ය තොරතුරු කලින් ලැබී තිබියදීත් එම තොරතුරු නොසලකා දින දොළහක කාලයක් රවී සෙනෙවිරත්න මහතා කටයුතු කළ බවත් ඔහු එසේ කළේ කාගේ වුවමනාවට දැයි විමර්ශනය කිරීමෙන් මෙම ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටී නම් ඔහු හඳුනාගත හැකි බවත් පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ දෙරණ 360 වැඩසටහන හා එක් වෙමිනි.

එමෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ණය ලබා ගැනීම හෙළි කල ගම්මන්පිල මහතා මින් ඉදිරියට ආණ්ඩුව ණය ලබා ගැනීමේ දී ටිල්වින් සිල්වා සහ විජිත හේරත් මහත්වරුන්ව ද දැනුවත් කර එම ණය ලබාගන්නා ලෙසත් එසේ නොමැති නම් මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ඔවුන් බලවත් අසීරුතාවයට පත්වන බවත් ප්‍රකාශ කර සිටියේය.

5.ජාතික ජන බලවේගයේ නිල මතය ප්‍රකාශ කරන්නේ තමා බවත් අනිත් අය පවසන දේ කැමතිනම් පමණක් පිළිගත හැකි බවත් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාතික ජන බලවේග කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා තම පක්ෂයේ වෘත්තීය සමිති විසුරුවන්නේ යැයි පැවසූ ප්‍රකාශය එසේම ක්‍රියාවට නංවන්නේ දැයි සර්ජන බලය ගම්පහ දිස්ත‍්‍රික් අපේක්‍ෂක මහාචාර්ය චන්න ජයසුමන මහතා පැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එසේ පැවසීය.

දෙරණ රූපවාහිනි නාලිකාවේ පැවති වාදපිපිටිය සංවාදයේදී ඔහු මේ සංවාදය සිදුවිය.

Related posts

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

පොහොට්ටු මන්ත්‍රී තිදෙනෙක් නුවරඑළිය සෙන්පති මැදුරේ ඇල්ලු අඩව්ව සොයා විමර්ශන

Admin

බෑණාගේ කැතිපහරින් නැන්දම්මා මරු දකී

Admin

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

colombotoday