Colombo Today Local News

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

මාලිමා ආණ්ඩුව පත්වූ වහා ඩොලර් මිලියනයක් එවන බව ප්‍රකාශ කළ සුනිල් හඳුන්නෙත්තිගේ මිතුරා මේ වන විට එම මුදල ලංකාවට එවා ඇද්දැයි කාංචන විජේසේකර ප්‍රශ්න කරයි.

විපක්ෂයේ සිටිය දී ණය ගෙවන එක කජ්ජක් ද ණය අරගෙන රට පාලනය කිරීමට ආණ්ඩුවක් උවමනා දැයි ඇසූ පිරිස ම මේ වන විට නොනවත්වා ණය ගනිමින් ඇතැයි ඔහු පවසයි.

බලයට පත්ව පාස්පෝට් ගැටලුව විසඳු බවට උදම් ඇනූ ආණ්ඩුව මේ වන විට පෝලිම පහුගිය ආණ්ඩුවට බැර කරමින් ඇතැයි ද පෙන්වා දෙයි.

පසුගිය සමයේ මාලිමාව වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටි තරුණයන් ආණ්ඩුවට මසක් පිරෙන විට දුක වැඩි කමට සැඟව ඇතැයි කාංචන විජේසේකර සඳහන් කරයි.

දෙරණ වාදපිටියට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Related posts

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

colombotoday

බෝම්බ ප්‍රහාරයට වීඩියෝවකින් සතුට පලකළ වව්නියාවේ මව්ලවි අරාබි රටක දේශපාලන රැකවරණ ඉල්ලයි…

colombotoday

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

colombotoday

පාර්ලිමේන්තුවේ රැස්වීම් දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක්

Admin