Colombo Today Local News

මහ ඡන්දේ ලංවෙද්දි මිනිස්සුන්ට මොළේ පෑදේවි

ජනප්‍රිය තීන්දු සහ නිවැරදි තීන්දු යනු දෙකක් බවත් මහ මැතිවරණය පැවැත්වෙන දිනය වන විට ජනතාවට තවත් බොහෝ දේ වැටහෙනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“ජනප්‍රිය තීන්දු සහ නිවැරදි තීන්දු කියන්නේ දෙකක්. විජය කුමාරතුංග මැතිතුමා හැමදාම ජනප්‍රිය නළුවා. නමුත් එතුමා කිව්වා මට ආසම දේ තමයි හොඳම නළුවා වීම කියල. එතුමා හොඳම නළුවා වුණත්. නමුත් එතුමා හිටියේ නැහැ දිවංගත වෙලා. එතකොට මේ දෙකේ වෙනස තේරෙනවනේ. ඉතින් අපේ පැත්තේ ඉන්නේ හොඳම නළුවෝ ඒ පැත්තේ ඉන්නේ ජනප්‍රිය නළුවෝ. එදා 2001දීත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සෘණ 1.5ක ආර්ථික වර්ධනය 2003 වෙද්දී ධන 2.0කට ගෙනාවා. 2004 වෙද්දී ඔහු ඒක ධන 3.0 වෙනකම් ගෙනාවා. ඒ තමයි නිවැරදි නායකත්වය.
ජනප්‍රිය දේශපාලනය කරපු ජනතා විමුක්ති පෙරමුණයි චන්ද්‍රිකායි මංගල ලා ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව පෙරළ ගත්තා. ඒ ආපු ගමන නැවැත්තුවා. එහෙමනේ හැමදාම වුණේ. හැමද්ම ආණ්ඩුවක් කරගෙන එද්දී ජාතිය, භාෂාව, ආගම ඔය කියන කාරණා ඉස්සරහට දාලා රට විනාශ කළා. රටේ ආර්ථිකය විනාශ වුණා. රටේ සංවර්ධනය විනාශ වුණා.

කොහොමත් ජන්දය තියෙන්නේ අද නෙවෙයි. නොවැම්බර් 14. ඒ වෙද්දී තව ප්‍රතිඵල තියෙයි. මේ රටේ මිනිසුන්ගේ මොළේ තව කොච්චරක් පෑදෙයිද බලමු. අපේ කැම්පේන් එක තියෙන්නේ නොවැම්බර් 14ට. 2015 අපි කොච්චර නම් ඉන්ධන මිල අඩු කළාද? ඒ තෙල්වලින් දුවලනේ අපිට විරුද්ධව ජන්දේ දුන්නේ. මගේ අක්ෂි කාච නොමිලේ නිකන් අරන්නේ දුන්නේ. ස්ටෙන්ස් නිකන්නේ දුන්නේ.”

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළකළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

Related posts

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

රේගු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන්

Admin

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

colombotoday

පෙට්‍රල් රු 3කින් ඩිසල් රුපියලකින් ඉහලට

colombotoday

බැලුම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කලේ එජාප මන්ත්‍රී චන්දිම ගමගේ දැනුවත්වයි – ගම්මුන්ගෙන් චෝදනා

colombotoday