විවිධ ස්ථානයන්හි සුඛෝපභෝගී වාහන අතහැර දමා ගොස් ඇතැයි මෙතෙක් ලද පැමිණිලි දහයෙන් නවයක්ම ව්‍යාජ ඇමතුම් බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඒවා රජයට අයත් සුඛෝපභෝගී වාහන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇමතුම මගින් පසුගිය 09 වැනිදා සිට ගත වූ කාලයේදී දන්වා තිබින.
අදාළ ස්ථානවලට ගොස් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇතැම් ස්ථානවල එබඳු වාහන නොමැති බවත් තවත් ස්ථානවල තිබූ වාහනවලට සැබෑ හිමිකරුවන් ඇති බවත්ය.
මේ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද නොමග යවන තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මකය.