හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යළි ආරම්භ කර තිබේ.
සති අන්ත පුවත්පතක් වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට සිටි ලේකම්වරුන්ගේ ජංගම හා ස්ථාවර දුරකථන අංක මේවන විට එම කොට්ඨාසය විසින් ම විශ්ලේෂණය කරමින් පවතින බවයි.
සීනිබඳු වංචාවෙන් රජයට රුපියල් බිලියන දහ හතරක පමණ අලාභයක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් සහ හෙළි වී තිබි.
ප්‍රධාන ආනයනකරුවෙකුගෙන් විශේෂ වාසියක් ලබාගෙන තිබූ බවටද චෝදනා එල්ල වූ අතර ඔහු ඒ හරහා ලබා ඇති ලාභය රුපියල් බිලියන හය ඉක්මවා ඇති බවද සඳහන්ය