Colombo Today Local News

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට ගතයුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම, මහජන ධනය සාංඝික දේපොළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදුකළහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Related posts

සාරා ගැන කොමිසම් වාර්තාවේ කිසිදු අවධානයක් යොමු කර නැ.. අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු ද නොසලකා හැරලා.

colombotoday

බැප්ස්ටියන් මාවතේ වෙඩි තබා මාරා දැමූ එප්පාවල තරුණයාගේ විස්තරය මෙන්න. – රැකියාවේ ආරවුල ගැන සොහොයුරා හෙළිකරයි.

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වඩාත් සුක්ෂමව

colombotoday

රනිල්ගේ ජයග්‍රහණය ගැන අකිල කියපු අමුතු කතාව

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday