Colombo Today Local News

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජයන කරන දේශපාලන නායකයින් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙසයි එහිදී ඔහු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා ඇත්තේ.

එමෙන්ම ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බවයි.

උතුරු නැගෙනහිර දෙශපාලන කේන්ද්‍රකරගත් සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දෙමළ ජනතාවට ලැබිය යුතු ආකාරයට කටයුතු කිරීම එහි දේශපාලන නියෝජනයේ වගකීම බවද එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව අද (02) වව්නියාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙල්වම් අඩෙයික්කලනාදන් සඳහන් කර සිටියේ දෙමළ දේශපාලන පක්ෂ වෙන්වී කටයුතු නොකළ යුතු බවයි.

එමෙන්ම හොඳ තීරණයකට පැමිණ එළඹෙන මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවක් විසින් දිනා ගැනීම තමන්ගේ අපේක්ෂාව බව ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බවයි මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

colombotoday

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin