Colombo Today Local News

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

2024 මහ මැතිවරණයට පෙර පොදු විපක්ෂයේ පොදු සන්ධානයකට පොදු ලකුණක් යටතේ තරග වැදීමට එකඟ වන්නේ නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ලෙස පිළිගැනීමට එජාපය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කැමැත්තෙන් සිටින බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පොදු ලකුණක් යටතේ පොදු විපක්ෂ සන්ධානයකට එකඟ වන්නේ නම් සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ලෙස සාදරයෙන් පිළිගන්නා බවයි.

“සජිත් ප්‍රේමදාස පොදු ලකුණක් යටතේ පොදු විපක්ෂ සන්ධානයක් පිහිටුවීමට එකඟ වුණොත් අගමැති අපේක්ෂකයා ලෙස පිළිගැනීමට අපි සූදානම්. නමුත් ප්‍රශ්නය තමයි සමගි ජන බලවේගයට අවශ්‍ය පොදු සන්ධානයේ සංකේතය දුරකථනය වීම. හවුල්කරුවෙකුගේ සංකේතයක් යටතේ කිසිදු සන්ධානයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒක පොදු සංකේතයක් වෙන්න ඕනේ. කොහොම උණත් අපි දින දෙකකින් පොදු සංකේතය පිළිබඳ අවසන් තීරණය ගන්නවා. ඊට පස්සේ අපි පොදු සංකේතයක් පිළිබඳ නිවේදනයක් කරනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර සජිත් ප්‍රේමදාසට එජාපය භාරගෙන පොදු සන්ධානයක් ගොඩනැගීමට හැකිවන පරිදි එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස තම පක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

එහෙත් එජාප නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ එකඟ වී නැති බව ද රංජිත් මද්දුම බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, පොදු ලකුණ අලියා විය යුතු බවට ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් පවතින බවයි.

Related posts

වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩාවල

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය එජාපයෙන් ගිලිහෙනවා. මනෝ ගනේෂන් කියයි

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

colombotoday